යම් හෙයකින් ජනපති අපේක්ෂකයෙකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පැවසුවේ එම අපේක්ෂකයා වෙනුවෙන් නාම යෝජනා භාරදුන් පක්ෂයට හෝ පුද්ගලයාට එය දැනුම් දීමට අවස්ථාව පවතින බවයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.
කෙසේවෙතත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඒ එම් ඉල්ලියාස් පසුගියදා අභාවප්රාප්ත විය. එහෙත් ඔහුගේ නම ඡන්ද පත්රිකාවෙන් ඉවත් නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සැලසුම් කළ පරිදි සියලු කටයුතු ප්රමාදයකින් තොරව සිදු කරමින් ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක කියා සිටී.