මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා අවධානය
2024-08-24 16:26:48
Share with:
මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බව ජනාධිපතිවරයා කියා සිටී. බත්තරමුල්ලේ පැවති පැවති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවකදී එහි නියෝජිතයෙකු යොමු කළ ප්‍රශනයකට පිළිතුරු දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.