2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 03 වනදා සිට රට පුරා බෙදා හැරීමට පියවර
2024-08-24 15:57:42
Share with:
2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 03 වනදා සිට රට පුරා බෙදා හැරීමට 22000ක් වූ සියලු තැපැල් සේවකයන්ගෙන් සැදුම්ලත් තැපැල් ජාලය සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ මහතා පවසයි. දිස්ත්‍රික් මට්ටමින් ඇති ප්‍රාදේශීය තැපැල් කාර්යාල අධීක්ෂණ කටයුතු භාර නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ලබන 02 වන දින තැපැල් ඡන්ද ඇතුළත් රක්ෂිත පැකට්ටු තැපෑලට බාර ගන්නා බවද හෙතෙම පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදුම් කාර්ය මණ්ඩලය 8000ක් සහ නිලධාරීන් 4000ක් දෛනික රාජකාරි වල යෙදී සිටියදීම මෙම කටයුතු සඳහා යෙදවීමට සූදානම් බව නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කර තිබේ.