න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම නතර කරන ලෙසට ජපාන ජනතාව එරට රජයට බල කරති
2024-08-24 16:59:32
Share with:

න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම නතර කරන ලෙස ජපාන ජනතාව එරට රජයෙන් ඉල්ලා සිටිති. ඊයේ (23) ජපානයේ විවිධ ප්‍රදේශවල ජනතාව ෆුකුෂිමා නගරයට පැමිණ විරෝධතා රැලියක් පවත්වමින් රජය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළහ.

ජපාන රජයේ අනුමැතිය යටතේ ටෝකියෝ විදුලිබල සමාගම ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුහුදට මුදාහැරීම ආරම්භ කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ය. එම ක්‍රියාව ජපාන ජනතාවගේ සහ ජගත් ප්‍රජාවේ දැඩි විරෝධයට ලක්ව තිබේ. එහෙත් ජපාන රජය එම ක්‍රියා නතර කර නොමැත. ඊට විරෝධය දැක්වීමට මෑතකදී ජපානයේ බොහෝ ප්‍රදේශවල ජනතාව ස්වේච්ඡාවෙන් විරෝධතා රැලි සංවිධාන කර ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම