චීන - ඉන්දුනීසියා ද්වීපාර්ශ්වික සහයෝගතාව පිළිබඳ අන්තර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ පස්වෙනි රැස්වීම බෙයිජිංහිදී පැවැත්වේ. ඊයේ(23) පැවති එම රැස්වීමේ දී ද්වීපාර්ශ්වික හා බහු පාර්ශ්වික සහයෝගතා පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟවූහ. එම රැස්වීම චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ සහ ඉන්දුනීසියා විදේශ අමාත්‍ය රෙට්නො මර්සුඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
දෙරටේ නායකයන් එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට සහ පොදු අනාගතයක් සහිත චීන ඉන්දුනීසියා ප්‍රජාව නව මට්ටමකට ගෙන යාම වෙනුවෙන් අඛණ්ඩව ඉන්දුනීසියාව සමග එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව වං යී මහතා එහිදී පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වෙනි මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසියේදී ප්‍රතිසංස්කරණ පරිපූර්ණ ලෙස ගැඹුරු කිරීමට හා චීන නවීකරණය ප්‍රවර්ධනයට අදාළ පියවර ගත් බව පැවසූ චීන විදේශ ඇමතිවරයා එය චීන ඉන්දුනීසියා සහයෝගතා හා කලාපීය සහයෝගතා වෙනුවෙන් නව අවස්ථාවන් ගෙන දෙනු ඇති බවද සඳහන් කළේය.
දෙපාර්ශ්වය කරුණු 4ක් මත අඛණ්ඩව එල්බ සිටිය යුතු බවද හෙතෙම කීය.පළමුවැන්න ඉහළ මට්ටමේ හුවමාරු පුළුල් කිරීම,උපාය මාර්ගික සංනිවේදනය ශක්තිමත් කිරීම හා ලබන වසරට යෙදෙන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75වන සංවත්සර සැමරුමට සූදානම්වීමය. දෙවැන්න උපායමාර්ගික අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින් එකිනෙකාගේ කේන්ද්‍රීය පල ප්‍රයෝජන සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ යුතුය. තුන්වෙනි කරුණ පොදු ප්‍රතිලාභී සහයෝගතාවන් පුළුල් කර එක් තීරයක් එක් මාවතක් ඒකාබද්ධව ගොඩ නංවමින් ප්‍රායෝගික සහයෝගතාව ඉදිරියට ගෙනයාම බවද වං යී මහතා සඳහන් කළේය. සිව්වැන්න පොදු හුවමාරු ප්‍රවර්ධනය කරමින් යොවුන්, විද්වත් හා මාධ්‍ය අතර හුවමාරු දිරිගැන්වීමට ක්‍රියා කිරීමය.
එහිදී අදහස් දැක්වූ ඉන්දුනීසියා විදේශ අමාත්‍යවරිය පැවසුයේ චීනය ඉන්දුනීසියාවේ වඩාත් වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙකු බවයි. නව බලශක්ති මෝටර් රථ, ලිතියම් බැටරි, ඩිජිටල් ආර්ථික ඇතුළු අංශවල සහයෝගතාවන් පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ.