ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශකයා ලබන සතියේ චීනයේ සංචාරයක
2024-08-24 16:09:46
Share with:
ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීන සංචාරයකට සැරසේ. එළඹෙන 27, 28 හා 29 යන දිනවල ඔහු චීනයේ සංචාරය කිරීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ප්‍රකාශ කර ඇත. නව වටයේ චීන-ඇමරිකානු උපාය මාර්ගික සංවාදය සඳහා Jake Sullivan මහතා චීනයට පැමිණෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතාගේ ආරාධනාවකට අනුවයි.