ජනාධිපතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තර නිරීක්ෂකයන්
2024-08-24 16:14:03
Share with:

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය සඳහා යුරෝපා සංග­මයේ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් මේ වන­වි­ටත් දිව­යි­නට පැමිණ තිබේ. මීට අම­ත­රව ජනා­ධි­ප­ති­ව­රණ නිරී­ක්ෂණ කට­යුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් හා ආසි­යානු මැති­ව­රණ නිරී­ක්ෂණ ජාලයේ නියෝ­ජි­ත­යන්ද දිව­යි­නට පැමි­ණී­මට නිය­මි­තය.

එම සංවි­ධාන කළ ඉල්ලී­ම­කට අනුව මැති­ව­ර­ණය නිරී­ක්ෂ­ණ­යට අව­ස­රය ලබා­දුන් බව මැති­ව­රණ කොමි­ෂන් සභාව ප්‍රකාශ කළේය‍. ඉන්දි­යාව,නේපා­ලය,බංග්ලා­දේ­ශය, පකි­ස්තා­නය, මාල­දි­ව­යින ඇතුළු රට­වල මැති­ව­රණ නිරී­ක්ෂණ සංගම් සහ නියෝ­ජි­ත­යන් ද මැති­ව­රණ නිරී­ක්ෂ­ණය සඳහා අව­සර ඉල්ලා ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම