විශාල එන්ජින් ධාරිතාව සහිත ඉන්ධන භාවිත වාහන ආනයනයේ දී අය කෙරෙන බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශය රැස්වීමක් පවත්වයි
2024-08-23 15:37:54
Share with:
විශාල එන්ජින් ධාරිතාව සහිත වාහන ආනයනයේ දී අය කෙරෙන බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශයේ මූල්‍ය දෙපාර්තමේන්තුව රැස්වීමක් පවත්වයි. අද(23) පැවති එම රැස්වීමේදී එම ආනයන බදු වැඩි කිරීම පිළිබඳ මෝටර් රථ ක්ෂේත්රයේ නියෝජිතයන් හා විද්වතුන්ගේ උපදෙස් හා අදහස්වලට සවන්දීම සිදුවිය. අදාළ සංවිධාන, පර්යේෂණ ආයතන හා මෝටර් රථ සමාගම්වල නියෝජිතයෝ එම රැස්වීමට සහභාගී වූහ.