පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය විසඳීමේ මූලධර්මය නම් සටන් විරාම සාකච්ඡා සහ දේශපාලන විසඳුමයි
2024-08-23 11:45:49
Share with:

සටන් විරාම සාකච්ඡාව සහ දේශපාලන විසඳුම පලස්තීන ගැටලුව විසඳීමේ මූලික මාර්ගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා අවධාරණය කරයි. ඊයේ(22) පැවති පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධ ආරක්ෂක මණ්ඩල විවෘත රැස්වීමේදී ඔහු මෙම අදහස් පළ කළේ ය. 

සටන් විරාමය සහ යුද්ධය අවසන් කිරීමට යොමු වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව  ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කළ ද ඊට සවන් නොදී නැවත නැවතත් ප්‍රකෝපකාරී සහ අවදානම් ක්‍රියාමාර්ග ගැනීමට ඊශ්‍රායලය පෙළඹී ඇති බව Fu Cong මහතා පැවසීය. එහි ප්‍රතිඵලය වන්නේ මැද පෙරදිග තත්ත්වය අවිනිශ්ත වී ගැටුම් පැතිරීමයි. 

මානුෂීය ප්‍රශ්න දේශපාලනීකරණය කළ නොහැකි බවත්, කුසගින්න අවියක් ලෙස භාවිත නොකළ යුතු බවත්, වාසි උදෙසා සාමාන්‍ය ජනතාවගේ ජීවිත ප්‍රයෝජනයට නොගත යුතු බවත් Fu Cong මහතා පෙන්වා දුන්නේය. ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සාක්ෂාත් කරමින් "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කිරීම පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නයට ඇති එකම දේශපාලන විසඳුම බව ඔහු පැවසීය.                                                                                                                                                                               


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම