මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතියක්
2024-08-23 17:23:13
Share with:
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩාත් හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බවය.
තවද කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කි පොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බව ඔහු පවසයි.