චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය අද(23) රැස්වීමක් පැවැත්වීය. "බටහිර කලාපයේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ නව රටාවක් සැකසීම සඳහා, ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කිහිපයක්" එහිදී සමාලෝචනය කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා රැස්වීමේ මුලසුන දැරීය.
බටහිර කලාපයේ සංවර්ධනය යනු පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ ප්‍රධාන උපායමාර්ගික තීරණයක් බව, එම රැස්වීමේ සඳහන් කෙරිණ. චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී, බටහිර කලාප සංවර්ධනයේ ස්ථානගත කිරීම සහ මෙහෙවර නිවැරදිව ග්‍රහණය කර ගත යුතු අතර, කලාපයේ සමස්ත ශක්තිය සහ තිරසාර සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කළ යුතු ය.
ප්‍රතිසංස්කරණය වඩාත් ගැඹුරට ගෙන යමින්, කලාපීය යථාර්ථයන්ට අනුකූල චීන ලක්ෂණ සහිත නවීකරණ මාවතක් සොයා ගැනීමේ අවශ්‍යතාව මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණ. එසේම ක්‍රියාකාරී ස්ථානගත කිරීම සහ කාර්මික පදනම මත පදනම්ව, අනන්‍ය ලක්ෂණ සහ වාසිදායක කර්මාන්ත ශක්තිමත් හා පුළුල් කළ යුතු ය. ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සහතික කරමින්, හරිත හා අඩු කාබන් සංවර්ධනය ප්රවර්ධනය කළ යුතු ය. ආවේණික ගාමක බලවේගය වැඩිදියුණු කරන අතර, විවෘත ආර්ථිකයේ මට්ටම අඛණ්ඩව ඉහළ නැංවිය යුතු ය. ප්‍රධාන ක්ෂේත්රවල ආරක්ෂාව සහතික කිරීමේ හැකියාවන් ශක්තිමත් කළ යුතු බවටද එහිදී සඳහන් කෙරිණ. පිරිසිදු බලශක්ති කඳවුරු ඉදිකිරීම ප්‍රවර්ධනය කළ යුතු ය. ප්‍රාදේශීය තත්ත්වයන්ට අනුව නව නාගරීකරණය ප්‍රවර්ධනය කරන අතර, ග්‍රාමීය ප්‍රදේශවල පූර්ණ පුනර්ජීවනය ශක්තිමත් කළ යුතු ය. එසේම පොදු ඉරණමක් සහිත චීන ජාතික ප්‍රජාව ගොඩනගන අතර , ජාතික සමගිය සහ දේශසීමා ස්ථාවරත්වය ඵලදායී ලෙස ආරක්ෂා කළ යුතු බව ද, මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණ.
බටහිර කලාපයේ සෑම මට්ටමක පක්ෂ කමිටු සහ ආණ්ඩු සිය ප්‍රධාන වගකීම්වලට උර දිය යුතු අතර, ඒකාබද්ධ බලවේගයක් පිහිටුවා කටයුතු කළ යුතු ය. විවිධ නියමිත කාර්යයන් මැනවින් ක්‍රියාත්මක කරමින්, බටහිර කලාපයේ සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට උත්සාහ කළ යුතු බව ද, මෙම රැස්වීමේ සඳහන් කෙරිණ.