චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, බෙලරුසියානු ජනාධිපති Aleksandr Lukashenko මහතා හමුවෙයි. හමුව ඊයේ (22) පෙරවරුවේ බෙලරුසියාවේ නිදහස් මන්දිරයේ දී පැවැත්විණ.
චීන- බෙලරුසියානු අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවේ ඉහළ මට්ටමේ සංවර්ධනය සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව Li Qiang මහතා එහිදී පැවසීය.
තම රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා පරාර්ථකාමීත්වයෙන් යුතුව ලබාදුන් දිගුකාලීන ආධාර සම්බන්ධයෙන් බෙලරුසියානු ජනාධිපතිවරයා චීනයට අවංක කෘතවේදීත්වය පළ කළේය. චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරු තහවුරු කිරීමටත් ආර්ථිකය, වෙළෙඳාම, කෘෂිකර්මාන්තය, විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත්රවල මනා සහයෝගිතා පුළුල් කිරීමටත් තම රට සූදානම් බව ද ඔහු පැවසීය.
මේ අතර, චීන අග්‍රාමාත්‍යවරයා ඊයේ (22) පස්වරුවේ මින්ස්ක්හිදී බෙලරුසියානු අගමැති Roman Golovchenko මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
“එක් තීරයක් එක් මාවතක්” ව්‍යාපෘතිවල උසස් තත්ත්වයෙන් පවත්වා ගනිමින්, වෙළෙඳ හා ආයෝජන, ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය සහ සෙසු ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව බව Li Qiang මහතා එහිදී පැවසීය. එසේම, අධ්‍යාපන, සංස්කෘතික හා සංචාරක යන අංශවල මානව හුවමාරු තර කිරීමට පියවර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
අගමැතිවරු දෙපළ එහිදී “2024-2025 චීන-බෙලරුසියානු විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන වර්ෂයේ” නිල සමාරම්භය නිවේදනය කළහ. චීන-බෙලරුසියා මූලික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සහ එරට ජාතික පුස්තකාලයේ චීන පොත් මධ්‍යස්ථානය පිහිටුවීම ද ඊට සමගාමීව ප්‍රකාශයට පත්කෙරිණ. අනතුරුව“චීන මහජන සමූහාණ්ඩුව සහ බෙලරුසියානු ජනරජය අතර ඒකාබද්ධ නිවේදනය”ට ද ඔවුහු අත්සන් තැබූහ.
“එක් තීරයක් එක් මාවතක්” සහයෝගිතා, සේවා වෙළඳාම සහ ආයෝජන, හරිත සංවර්ධනය, විද්‍යාව හා තාක්ෂණය, මානව ශාස්ත්‍ර සහ වෙනත් ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන කිහිපයකට ද චීන-බෙලරුසියානු අගමැතිවරුන් හමුවේ අත්සන් තැබිණ. Li Qiang මහතා සහ Roman Golovchenko මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වූහ.