චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer මහතා දුරකථන සාකච්ඡාවක් පවත්වති. එම දුරකථන සාකච්ඡාව අද(23) පස්වරුවේ පැවැත්විණ.
Keir Starmer මහතා බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වීම පිළිබඳ ෂී ජින් පිං මහතා එහිදී සුභපැතුම් පිරිනැමීය. සංකීර්ණ මෙන්ම අස්ථීර ජාත්‍යන්තර තත්ත්වයට මුහුණ දීමේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් හා ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකක වන චීනය හා බ්‍රිතාන්‍යය සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් ස්ථීර මෙන්ම අන්‍යෝන්‍ය වාසි සහිත ද්වීපාර්ශ්වික සබඳතාව මත දෙරරට හා ලෝකයේ සුභසෙත සැලසිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීනය කඩිනමින් නව කර්මාන්තකරණය ප්‍රවර්ධනය කරනු ඇත. ඉන් බ්‍රිතාන්‍යය ඇතුළු විවිධ රටවලට නව අවස්ථා උදාවනු ඇත. බ්‍රිතාන්‍යය සමග අන්‍යොන්‍ය වශයෙන් ගරුකිරීම මත සාධාරණ සංවාද පැවැත්වීම, උපායමාර්ග ගැළපීම ශක්තිමත් කිරීම, මූල්‍ය, හරිත ආර්ථික, කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම හා මානව හුවමාරු ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. බ්‍රිතාන්‍යයේ විවිධ මට්ටමේ හුවමාරු පැවැත්වීමෙන් දෙරටේ සබඳතාව ස්ථීර ලෙස වර්ධනය කිරීම ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය හා වර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්ත දක්වන බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම පැරිස් ඔලිම්පික් උළෙලේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම පිළිබඳව Keir Starmer මහතා එහිදී සුභපැතුම් යොමු කළේය. වඩාත් සමීප බ්‍රිතාන්‍ය චීන සබඳතාව වර්ධනය කිරීම, දෙපාර්ශ්වයේ දිගුකාලීන ප්‍රතිලාභයට ගැළපෙන බව හෙතෙම කීය. ආර්ථික, වෙළඳ, මූල්‍ය, අධ්‍යාපන, පිරිසිඳු බලශක්ති, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමෙන් දෙරටට සිය වර්ධනය ප්‍රවර්ධනය කිරීමට හා ඒකාබද්ධව ගෝලීය අභියෝගවලට මුහුණ දීමට උපකාරී වේ. චීනය සමග විවිධ මට්ටමේ විවිධ ක්ෂේත්‍රවල සංවාද ශක්තිමත් කරමින් දෙරටේ ප්‍රායෝගික සහයෝගිතා හා ක්‍රමික හුවාමරු ප්‍රවර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම බ්‍රිතාන්‍යය අඛණ්ඩව එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බවද හෙතෙම අවධාරණය කරයි.