ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් රටට ලැබීමට ඇති මුදල් අහිමිවනු ඇති බව ජනාධිපතිවරයා පවසයි
2024-08-23 17:25:22
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ රටට ලැබීමට ඇති මුදල් අහිමිවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

අත්හිටුවා ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමෙන් දෙස් විදෙස් ආයෝජන පැමිණෙන විට ඉදිකිරීම් ක්ෂේත්‍ර ද දියුණු වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා මෙම කරුණු හෙලි කළේය. රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන මෙන්ම රටවල් 17 ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම