ගංවතුර තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට උප‍දෙස්
2024-08-22 15:58:23
Share with:

දින කිහිපයක් පුරා පවතින වර්ෂාපතනය තවදුරටත් පවතින බැවින් කලු ගඟේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ  වාරිමාර්ග ඉංජීනේරු ජී.ඩබ්.එස්.සකුරා දිල්තාරා මහත්මිය පවසයි.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල තවදුරටත් ගංවතුර තත්වය පවතින බැවින් එම පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් මෙම ප්‍රදේශවල වැටී ඇති මාර්ග භාවිත කරන පුද්ගලයන්ද මේ තත්වය පිළිබඳව සැළකිලිමත් වන ලෙසද  ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

කුඩා ගඟෙහි පහත් බිම්වල ජල මට්ටම් තවදුටත් ඉහළ යා හැකි අතර කලු ගඟෙහි මගුරු ගඟ සහ කුඩා ගඟට අයත් පහත් බිම්වල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ බවද ඇය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම