ඩෙං ෂියාඕ පිං මහතාගේ 120 වැනි ඡන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වැඩමුළුවක් පවත්වයි. එම වැඩමුළුව අද (22) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේදී චීන ජනාධිපති , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඩෙං ෂියාඕ පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ , චීන මහජන විමුක්ති හමුදාවේ මෙන් ම සමස්ත චීන ජනතාවගේ ඉහළම ගෞරවය හිමි ශ්‍රේෂ්ඨ නායකයෙකු බව ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 2වැනි පරම්පරාවේ නායක මණ්ඩලයේ කේන්ද්‍රීය පුද්ගලයා වශයෙන් ඩෙං ෂියාඕ පිං මහතා, චීන සමාජවාදී ප්‍රතිසංස්කරණය , විවෘත විදේශ ප්‍රතිපත්ති සහ නවීකරණ සංවර්ධනය සඳහා වූ ප්‍රමුඛ සැලසුම්කරුවා ද විය. චීනය චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මාවත වෙත ප්‍රථමයෙන් යොමු කළේ ද ඩෙං ෂියාඕ පිං මහතා බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
ඩෙං ෂියාඕ පිං මහතා රටට හා පක්ෂයට ලබාදුන් වැදගත්ම චින්තනික සම්පත වන්නේ ඩෙං ෂියාඕ පිං සිද්ධාන්තයයි. එම සිද්ධාන්තය එදා මෙන් ම අදත් රටේ සංවර්ධනයට වැදගත් මඟපෙන්වීමකි. එතුමා රට හා ජනතාව වෙනුවෙන් ඉටු කළ මෙහෙවර කිසිදිනෙක මැකී නොයන බවත්, එතුමා ආරම්භ කළ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී ව්‍යායාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම එතුමා අනුස්මරණය කිරීමේ හොඳම ක්‍රමය බවත්, චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.