චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්
2024-08-22 09:27:24
Share with:

සම්ප්‍රදායික ක්ෂේත්‍රවල සහයෝගීතාව සහතික කරමින්, නැගී එන ක්ෂේත්‍රවල සහයෝගීතාවය වැඩි දියුණු සඳහා රුසියාව සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ(21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති Vladimir Putin මහතා හමුවෙමිනි.

චීන සහ රුසියානු රජයේ ප්‍රධානීන් අතර 29 වන නිත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා රුසියාවට ගොස් සිටින Li Qiang මහතා රුසියානු අගමැති Mikhail Mishustin සමග එම රුස්වීමේ සම-මුලසුන දැරීය.

දෙරට අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරන අතර කලාපීය හා ලෝක සාමය සාක්ෂාත් කිරීමට ද එය ඉවහල් වනු ඇත. ඒ සඳහා රාජ්‍ය නායක දෙප‍ළගේ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් චීනය සූදානමින් සිටින බව Li Qiang මහතා එහිදී පැවසීය.

විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව සමග කාර්මික පරිවර්තනය වර්තමානයේ වේගයෙන් සිදු වන අතර ඉන් විශාල සංවර්ධන අවස්ථා නිර්මාණය වී ඇති බව ද හෙතෙම පෙන්වා දී ඇත. එහෙයින් රුසියාව සමග අදාළ ද්විපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කරමින් නව ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා එම ක්ෂේත්‍රවල කාර්යභාරය තවදුරටත් ඉහළ නැංවීමට චීනය බලාපොරොත්තු වේ. මේ අයුරින් දෙපාර්ශ්වය අතර සියලු අංශවල සහයෝගීතාව ප්‍රවර්ධනය කර පාරම්පරික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද Li Qiang මහතා එහිදී අවධාරණය කර ඇත.

මේ අතර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමන ලෙස ඉල්ලා සිටි Vladimir Putin මහතා, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සමරන මෙම වසර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය වීමේ ඉතිහාසගත වසරක් බව ද සඳහන් කළේය. නව යුගයේ රුසියානු-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමට BRICS සහ අනෙකුත් බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ සක්‍රිය සහභාගීත්වයක් ලබා දීමට රුසියාව අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම