රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ වීසා
2024-08-22 15:59:26
Share with:
රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ වීසා පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව
නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය.
එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01දා සිට මාස 06ක කාලයක් සඳහාය.
මීට පෙර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවල්වල සංචාරකයින් සඳහා ගාස්තු රහිත වීසා ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණ.