චීන අග්‍රාමාත්‍යවරයා බෙලරුස් හි නිල සංචාරය ආරම්භ කරයි
2024-08-22 18:39:00
Share with:

බෙලාරුසියානු අග්‍රාමාත්‍ය Roman Golovchenko මහතාගේ ආරාධනවට අනුව, චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(22) උදෑසන විශේෂ ගුවන් යානයකින් Minsk ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී, බෙලරුස් හි නිල සංචාරය ආරම්භ ‍කළේ ය. ඔහු පිළිගැනීමට, බෙලරුස් අග්‍රාමාත්‍යවරයා සහ බෙලරුස් හි චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන් තොටුපළේ රැඳී සිටියහ.

Li Qiang මහතා පෙන්වා දුන්නේ, චීනය සහ බෙලාරුස් ජනතාව අතර මිත්‍රත්වය දිගු ඉතිහාසයක් ඇති බවයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු වසර 32ක් තුළ, ද්විපාර්ශ්වික සබඳතා වේගයෙන් වර්ධනය විය. දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කර ගත් වැදගත් සම්මුතිය ක්‍රියාත්මක කිරීමට, බෙලරුස් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එසේම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට මෙන්ම, දෙපිරිසගේ යහපැවැත්ම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ද, බෙලරුස් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, Li Qiang මහතා සඳහන් කළේ ය.

චීන-රුසියානු අගමැතිවරුන්ගේ 29වන නිත්‍ය රැස්වීමේ ප්‍රධානත්වය දැරීමෙන් හා රුසියාවේ නිල සංචාරයක නිරත කිරීමෙන් පසු, Li Qiang මහතා Minsk ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම