චීන-රුසියා අග්‍රාමාත්‍යවරුන්ගේ 29 වැනි වාර්ෂික හමුව පැවැත්වෙයි. එම හමුව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං සහ රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Vladimirovich Mishustin යන මහත්වරුන්ගේ සම ප්‍රධානත්වයෙන් ඊයේ(21) රුසියාවේ මොස්කෝ නුවර දී පැවැත්විණ .
දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය නිමිති කරගෙන රුසියාව සමග එක්ව නව යුගයේ චීන-රුසියා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.
චීනය සමග පවත්වන විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩ ව සහතික කරන බවත් ජාත්‍යන්තර කටයුතු සඳහා වන සම්බන්ධීකරණ තහවුරු කරන බවත් රුසියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට රැගෙන ඒම රුසියාවේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටියේය.
චීන-රුසියා ආයෝජන හා බලශක්ති සහයෝගිතා කමිටුව, චීන-රුසියා අග්‍රාමාත්‍යවරුන්ගේ වාර්ෂික රැස්වීම් කමිටුව ඇතුළු ආයතනවල කාර්ය වාර්තාවලට ද ඔවුහූ සවන් දුන්හ.
‘චීන-රුසියා අග්‍රාමාත්‍යවරුන්ගේ 29 වැනි වාර්ෂික හමුව පිළිබඳ ඒකාබද්ධ නිවේදනය’ට අග්‍රාමාත්‍යවරු දෙපළ අත්සන් කළහ.