චීන මහජන සමූහාණ්ඩුව සහ ෆීජි ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
2024-08-21 14:14:43
Share with:

චීන මහජන සමූහාණ්ඩුව සහ ෆීජි ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන අගමැති Li Qiang මහතාගේ ඇරයුමෙන් ෆීජි ජනරජයේ අගමැති Sitiveni Rabuka මහතා පසුගිය 12වැනිදා සිට අද(21) දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට සමගාමීව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

චීන-ෆීජි රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසු වසර 49 තුළ ද්විපාර්ශ්වික සබඳතාවල සැලකිය යුතු වර්ධනයක් පිළිබඳව දෙරටේ නායකයින් ධනාත්මකව අගය කර ති‍බේ. චීන-ෆීජි සබඳතා වර්ධනය දෙරට සහ දෙරටේ ජනතාවගේ පොදු අවශ්‍යතා වැඩිදියුණු කොට ආසියා හා ශාන්තිකර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කොට තිබෙන බවට නායකයන් දෙපළ එකඟ වූ බව එම නිවේදනය පවසයි. සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම අඛණ්ඩව අනුගමනය කොට අන්‍යෝන්‍ය ගරුකිරීම් සහ පොදු සංවර්ධනය යන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට චීනය හා ෆීජි ජනරජය සූදානමින් සිටින බව දෙරටේ නායකයන් අවධාරණය කර තිබේ.

සිය ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා චීනය ෆීජි වෙත තරයේ සහාය දක්වන අතර එකම චීනය යන මූලධර්මය ෆීජි දැඩිව අනුගමනය කරනු ඇත. ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් බවත් තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් ‍ෆීජි ජනරජය පිළිගනී.

"පූර්ණ ගෞරවයේ මූලධර්ම හතරට" අනුකූලව පැසිෆික් දූපත් රටවල් සමග චීනය සිය සබඳතා වර්ධනය කර ගැනීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කර ඇති බව චීනය නැවත අවධාරණය කරයි. පැසිෆික් දූපත් රටවලට චීනයේ සහායට දේශපාලන කොන්දේසි සම්බන්ධ නැති බවත්, ඒ සම්බන්ධයෙන් ෆීජි ජනරජය ප්‍රශංසා ද පළ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම