බටහිර කොංගෝවේ බෝට්ටුවක් ගිලී යාමෙන් 100 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය ඊයේ(20) වාර්තා කර තිබේ.
බලධාරීන් ප්‍රකාශ කළේ 18 වැනිදා එරට වේලාවෙන් රාත්‍රී 7ට පමණ Mai-Ndombe පළාතේ ලුකේනි ගංගාවේ දී බෝට්ටුව ලී කැබැල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. ඒ වන විට බෝට්ටුවේ 300ක පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇත.
පිරිසක් දිවි ගලවාගෙන ඇති අතර මළ සිරුරු කීපයක් හමු වී තිබේ. විපතට පත් වූ සංඛ්‍යාව නිශ්චිතව සඳහන් කිරීම දුෂ්කර බව නිලධාරීහු පවසති.
සිද්ධියෙන් තමා කම්පාවට පත් වූ බවත් අනතුර පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් Mai-Ndombe හි ආණ්ඩුකාර Nkoso Kevani Lebon ප්‍රකාශ කර ඇත.
පසුගිය ජුනි මාසයේ දී ද Mai-Ndombe පළාතේ දී කොංගෝ ගඟේ අතු ගංඟාවක බෝට්ටුවක් ගිලී යාමෙන් ළමුන් 21 දෙනෙක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 86ක පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.