චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leji මහතා, චීන ජාතික මහජන කොංග්‍රසය අන්තර් පාර්ලිමේන්තු සංගමයට එක්වීමේ 40 වැනි සංවත්සර උළෙලට එක්වෙයි. ඊට සමගාමීව පැවති, සංවර්ධනය වෙමින් පවතින රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හයවැනි සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට ද හෙතෙම සහභාගි විය. මෙම උත්සව ඊයේ (20) පෙරවරුවේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී පැවැත්විණ.
Zhao Leji මහතා එහිදී “අතීතය ඉදිරියට රැගෙන යාමට සහ අනාගතය විවෘත කිරීමට එක්සත් ව කටයුතු කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ශක්තිමත් බලවේග රැස්කිරීම” යන මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.
චීන ජාතික මහජන කොංග්‍රසය, අන්තර් පාර්ලිමේන්තු සංගමයට එක්වීමෙන් පසු ගෙවී ගිය වසර 40 තුළ, එම ආයතන දෙක අතර මෙන්ම විවිධ රටවල ව්‍යවස්ථාදායකයන් අතර සහයෝගිතා අඛණ්ඩව පුළුල් වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
හුවමාරු ආකෘති පුළුල් කිරීම, සහයෝගිතා අන්තර්ගතයන් පොහොසත් කිරීම සහ උසස් ප්‍රතිඵල සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ විවිධ රටවල ව්‍යවස්ථාදායක ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද ජාතික මහජන කොංග්‍රස සභාපතිවරයා පැවසීය.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සහ ටැන්සානියාවේ ජාතික සභාවේ කථානායිකා Tulia Ackson මහත්මිය,එම සංගමයේ මහලේකම් Martin Chungong මහතා සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 32 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම නියෝජිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.