පොහොර සහනාධාරය වැඩි කිරීම කෙරෙහි අවධානය
2024-08-21 17:09:36
Share with:

වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රජය විසින් දැනට ලබා දෙන රුපියල් 10,000ක පොහොර සහනාධාරය ලබන වසරේ සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට යෝජනා කරයි.

පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 30ක් පමණ වේ.

වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල ප්‍රමාණවත් නොමැති බව රජය වටහා ගෙන ඇතත් පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොතිබිණ.එහෙත් දැනට රටේ ආර්ථිකයේ යම් ස්ථාවරභාවයක් ඇති වී තිබෙන බැවින් පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කිරීමට හැකියාවක් පවතී.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම