2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කරයි.
ඒ, 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය ප්රකාරවය.
ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586කි.
ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලින් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්රචාරක වියදම් ලෙස දැරිය හැකියි.
ඊට අමතරව ඉතිරි සියයට 40 හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.