චීනයේ Liang Zhu සංස්කෘතිය හා ශිෂ්ටාචාරය තේමා කර ගත් 2024 ගෝලීය ප්‍රදර්ශනයේ ඉතියෝපියාවේ විශේෂ ප්‍රදර්ශනය ඊයේ(21) අඩිස් අබාබා අගනුවර ජාතික කෞතුකාගාරයේ ආරම්භ විය. චීන මාධ්‍ය සමූහයේ අප්‍රිකා මධ්‍යස්ථානය, ඉතියෝපියා පුරා වස්තු දෙපාර්තමේන්තුව, චීනයේ Hangzhou නගරයේ Liang Zhu සංස්කෘතික නටබුන් පාලන කමිටුව, ඉතියෝපියා ජාතික කෞතුකාගාරය හා චීන මාධ්‍ය සමූහයේ ඩිජිටල් සංස්කෘතික කලා කෞතුකාගාරය විසින් එම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
එම ප්‍රදර්ශනයේදී Liang Zhu සංස්කෘතියට අයත් සුවිශේෂී ජේඩ් ඇතුළු සංස්කෘතික භාණ්ඩ ප්‍රදර්ශනය කරමින් Liang Zhu පැරණි නගරයේ නටබුන්, වාරි පද්ධතිය, කෘෂි කාර්මික උපකරණ, මුල් අක්ෂර ඇතුළු තොරතුරු පූර්ණ ලෙස විස්තර කෙරේ. Liang Zhu නටබුන්, වසර 5000ක් සහිත චීන ජාතික ශිෂ්ටාචාරය පෙන්නුම් කළ හැකි සාක්ෂි බවත් එය ලෝක ශිෂ්ටාචාරයේ වටිනා නිධානයක් බවත් ප්‍රකාශ කෙරේ.
මෙවර ප්‍රදර්ශනය ඊයේ(20) සිට දින 10ක් ඉතියෝපියා ජාතික කෞතුකාගාරයේ දී පැවැත්වේ.