චීන විදුලි වාහන පිළිබඳ සහනාධාර විරෝධී විමර්ශනය පිළිබඳ අවසන් තීන්දුවේ මූලික අනාවරණය, යුරෝපීය කොමිසම ඊයේ(20) නිකුත් කළේ ය. චීනයට මෙන්ම, යුරෝපා සංගමය චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා, 17% සිට 36.3% දක්වා පස් අවුරුදු ප්රතිවිරෝධී බද්දක් පැනවීමට ඉන් යෝජනා කර ඇත. මෙම වෙළඳ ආරක්ෂණවාදී ප්‍රවේශය ක්‍රියාවට නැංවුවහොත්, එය චීන මෝටර් රථ කර්මාන්තයට බරපතල ලෙස හානි කිරීමක් පමණක් නොව, ඊට අදාළ නිෂ්පාදන හා සැපයුම් දාමවල චීන-යුරෝපා සංගමයේ සහයෝගීතාවය ද අඩපණ කරන අතර, එමඟින් යුරෝපයට ප්‍රතිවිපාක අත්විඳීමට ද සිදුවනු ඇත.
චීනයේ විදුලි වාහන කර්මාන්තය යටපත් කිරීමේ ඇතැම් යුරෝපා දේශපාලකයන්ගේ චේතනාව කුමක් වුවත්, එක් දෙයක් ස්ථිරය.එනම් ඔවුන්ගේ ක්‍රියාවන් අන් අයට සහ තමන්ටම හානි කර ගැනීමක් බවය.මෙම හැසිරීම යුරෝපා දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයන් විසින් පුළුල් ලෙස විවේචනය කර තිබේ. ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා ඇතුළු නායකයින් ප්‍රසිද්ධියේ මෝටර් රථ වෙළඳාමේ සීමා කිරීම්වලට විරුද්ධ වූ අතර, වෙළඳාම "සාධාරණ සහ නිදහස්" ලෙස පවත්වා ගත යුතු බව පවසා ඇත. යුරෝපා සංගමය පාරිභෝගිකයන්ගෙන් විදුලි වාහන වෙත මාරු වන ලෙස ඉල්ලා සිටින අතරම ලාභදායී විදුලි වාහන සැපයීම අවහිර කිරීමට ද උත්සාහ කරයි. මෙම පියවර හාස්‍යයක් බව, බ්‍රිතාන්‍ය The Times පුවත්පත සහ අනෙකුත් මාධ්‍ය වාර්තා කර ඇත.
චීන-යුරෝපා සංගමයේ සහයෝගීතාවයේ හරය අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල වේ. චීනය සෑම විටම ඉතා අවංක ආකල්පයෙන් යුතුව සංවාද සහ උපදේශන මගින් යුරෝපා සංගමය සමඟ වෙළඳ ආරවුල් නිසි ලෙස හැසිරවීමට කැපවී සිටී. එහෙත් චීනය තම අවශ්‍යතාවන්ට හානි වීමට සහ වෙලඳ ආරක්ෂණවාදයේ "ගොදුරක්" බවට පත්වීමට ඉඩ නොදෙයි. මෙම මස 9 වෙනිදා යුරෝපා සංගමයේ විදුලි වාහන සඳහා වන තාවකාලික ප්රතිවිරෝධතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චීනය ලෝක වෙළද සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය වෙත යොමු වී ඇත. චීන ව්‍යවසායකයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමට චීනය අවශ්‍ය සියලු පියවර ගනු ඇත.