චීන-වියට්නාම සබඳතාව තවදුරටත් ඉහළ මට්ටමකට
2024-08-21 14:15:38
Share with:

රාජ්‍යන් අතර ‘සහෝදරත්වය’ සේ සමීප සබඳතාවක‍ට හිමිකම් කියන රටවල් දෙකක් පිළිබඳ සඳහන් කිරීමේ දී චීනය හා වියට්නාමය සිහිපත් කෙරේ. පසුගිය වසර අගදී, උපායමාර්ගික භාවයෙන් යුත් ඉරණමක් සහිත පොදු චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනංවන බවට දෙරට ප්‍රකාශයට පත් කළේය. සිය පුනර්ජීවනය මධ්‍යයේදී දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉන් තවදුරටත් සහතික කර ඇතැයි පැවසිය හැකිය.

ඉකුත් 18 වැනි දා සිට 20 වැනිදා දක්වා වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා චීනයේ නිල සංචාරයක නිරත විය. මෙම මස ආරම්භයේ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට පත් වීමෙන් පසු ඔහු සිදු කළ ප්‍රථම විදේශ නිල සංචාරය මෙයයි. ඉකුත් 19 වැනි දා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා To Lam මහතා හමුවූ අවස්ථාවේදී අවධාරණය කළේ චීනය අසල්වැසි රටවල් හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ප්‍රවර්ධනය කිරීමේදී වියට්නාමය ප්‍රමුඛස්ථානයේ තබන බවයි. උපායමාර්ගික භාවයෙන් යුත් ඉරණමක් සහිත පොදු චීන-වියට්නාම ප්‍රජාව තවදුරටත් තහවුරු කළ යුතු බව ද හෙතෙම එහිදී පැවසීය.

චීනය සිය විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ සැලකිල්ල ලෙසට වියට්නාමය සලකන බවත් දෙරට විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කරන බවත් එරට ජනාධිපතිවරයා කියා සිටියේය. දෙපාර්ශ්වයේ ප්‍රකාශ මගින්, චීනය හා වියට්නාමය අතර පවතින විශේෂ සබැඳියාව මෙන් ම සිය පුනර්ජීවනය මධ්‍යයේ සහයෝගිතා දැඩි කිරීම සඳහා වන අභිලාෂයන් හා අධිෂ්ඨානය තහවුරු කෙරෙන බව විශේලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, ගතවූ වසර ගණනාවක් තුළ චීනය, වියට්නාමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් ව ඇත. ආසියාන් සංගමය තුළ චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා මෙන් ම ගෝලීය වශයෙන් සිව් වන විශාලතම වෙළඳ හවුල්කරුවා ද වනුයේ වියට්නාමය ය. මෑත කාලවලදී, ඍජු ගුවන් ගමන් ඇරඹුම, වීසා බලපත්‍ර අයදුම් කිරීම පහසු කිරීම ඇතුළු සාධනීය ප්‍රතිපත්ති හේතුවෙන් නිරිත දිග චීනයේ Yunnan පළාත වෙත වියට්නාම සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇත. මෙම වසරේ මැයි මාසයේ, වියට්නාමයට ගොස් ඇති පළමුවැනි විශාලතම සංචාරකයින්ගේ රට බවට චීනය යළි වරක් පත්විය. චීනය හා වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය ලබන වසරට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ‘චීන-වියට්නාම මානව හුවමාරු වසර’ හා සම්බන්ධ ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. මේ සමග, දෙරටේ ජනතාවට වඩා වඩාත් සමීපත්වයක් උදා කර දෙනු නොඅනුමාන ය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම