චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(20) බෙයිජිංහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ මියන්මාරයේ විශේෂ නියෝජිත Julie Bishop මහත්මිය හමු විය.
එහිදී විදේශ අමාත්‍ය Wang Yi මහතා පැවසුවේ මියන්මාර ප්රශ්නයේදී චීනය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, ජාතික සමගිය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින්, එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් Julie Bishop මහත්මිය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ඉදිරියටත් මියන්මාරයේ දේශපාලන සංහිඳියාව සහ තිරසර සාමය වෙනුවෙන් ඇයගේ කාර්යභාරයට සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර මියන්මාර ප්රශ්නය නිසි ආකාරයෙන් විසඳා ගැනීමට චීනය සහ ආසියාන් සංවිධානය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගැනීමටත් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව Julie Bishop මහත්මිය එහිදී සඳහන් කර ඇත.