චීන අප්‍රිකා මාධ්‍ය සහයෝගිතා සංසදය සහ චීන අප්‍රිකා බුද්ධි මණ්ඩල උසස් පෙළේ සංවාදය බෙයිජිංහිදී ඇරඹේ
2024-08-21 19:45:50
Share with:

චීන අප්‍රිකා මාධ්‍ය සහයෝගිතා සංසදය සහ චීන අප්‍රිකා බුද්ධි මණ්ඩල උසස් පෙළේ සංවාදය අද(21) බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා එම අවස්ථාවට එක් වෙමින් දේශනයක් කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා අප්‍රිකානු නායකයන්ගේ ප්‍රමුඛත්වයෙන් චීන අප්‍රිකා සබඳතාව, උසස් මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා ඒකකය ගොඩනැගීමේ නව පරිච්ඡේදයකට ප්‍රවේශ වන බව එම උත්සවයට සහභාගිවූවෝ පැවසූහ. චීනය හා අප්‍රිකාව ලබා ගත් නවීකරණ ප්‍රතිඵලයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය තත්ත්වයට අනුව සිය ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණ මාර්ගය සොයා ගැනීමේ අයිතිය හා හැකියාව ඇති  බව පැහැදිලි වී ඇත. එළඹෙන චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුව, දෙපාර්ශ්වය අතර මිතුදම හා එකමුතුව තහවුරු කිරීමේ අවස්ථාවක් බවට පත් වනු ඇති බව ඔවුහූ පැවසූහ.

“අත්වැල් බැඳ ගෙන නවීකරණ මාර්ගයේ ගමන් කිරීම” මෙවර සංසදයේ තේමාවයි. චීන ජාතික ගුවන්විදුලි, රූපවාහිනි පරිපාලනය, චීන සමාජ විද්‍යා ඇඩකමිය හා බෙයිජිං මහ නාගරික ර‍ජය හා අප්‍රිකා ගුවන් විදුලි ලීගය විසින් මෙවර සංසදය සංවිධානය කර තිබේ.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම