අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිස්දහසකට වැඩි පිරිසකට පීඩා
2024-08-21 17:07:58
Share with:
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික් 7 ක පිරිසක් එලෙස පීඩාවට පත්ව සිටිති.
මේ අතර ගිං ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි පැය 48 අවදානම් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ ගිං ගගේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇත.
තවලම / නෙලුව / ලංකාගම හා නියාගම යන ප්‍රදේශවලට වැඩිම වර්ෂාපතනයක් ඇද හැලි ඇති බවට දැනුම් දී තිබේ.