ලෝකයේ විශාලතම න්‍යෂ්ටික තර්ජනය සහ උපායමාර්ගික අවදානම් නිර්මාතෘ ඇමරිකාව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2024-08-21 19:36:01
Share with:

The New York Times වාර්තාවලට අනුව, ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා පසුගිය මාර්තු මාසයේදී එරට රහසිගත න්‍යෂ්ටික උපාය මාර්ගය අනුමත කර තිබේ. මෙම උපායමාර්ගය ඊනියා "චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව වර්ධනය වීමේ" පසුබිම යටතේ, "චීනය මර්දනය කිරීම" එම සැලැස්මේ ප්‍රථම වරට සඳහන් කර ඇත.

අදාළ වාර්තා සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයෙන් පසුවන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇමරිකාවට සමාන නොවන බවයි. චීනය ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිත නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එසේම චීනය සෑම විටම සිය න්‍යෂ්ටික හැකියාවන් ජාතික ආරක්ෂාවට අවශ්‍ය අවම මට්ටමින් පවත්වා ගෙන යන බව,  ඇය සඳහන් කළා ය.

එහෙත් විශාලතම හා වඩාත්ම දියුණු න්‍යෂ්ටික අවි ගබඩාව ඇති ඇමරිකාව, "පළමුවෙන් න්‍යෂ්ටික අවි භාවිතය" මත පදනම් වූ න්‍යෂ්ටික  ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පමණක් නොව,  වෙනත් රටවලට න්‍යෂ්ටික උපායමාර්ගයන් සකස් කිරීමද විවෘතව සිදු කරයි. ලෝකයේ විශාලතම න්‍යෂ්ටික තර්ජනය සහ උපායමාර්ගික අවදානම් නිර්මාතෘ ඇමරිකාව බවද Mao Ning මහත්මිය අවධාරණය කළා ය.

ගුවන් විදුලිය
20241109වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම