චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම හමු වෙයි. අද (20) පස්වරුවේ බෙයිජිං නුවර මහජන මහ ශාලාවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා එම ක්‍රීඩා නියෝජිත කණ්ඩායමේ සියලු සාමාජිකයන් හමු විය. පැරිස් ඔලිම්පික් උළෙලේදී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙර නොවූ විරූ ජයග්‍රහණයක් ලබාගෙන මව්රට වෙනුවෙන් මහත් ගෞරවයක් දිනා ගැනීමට සමත්ව ඇත. මේ පිළිබඳව තමන් චීන රජය නියෝජනය කරමින් එසේ ගෞරවය දිනාගත් සියල්ලන්ට සුබ පැතුම් මෙන් ම හෘදයංගම සුභාශිංසනය ද පිරිනමන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගය කරමින් චීන ජනාධිපතිවරයා පැවසුවේ පැරිස් ඔලිම්පික් උළෙලේදී ඔවුන් එක්වූ ක්‍රීඩා ඉසව්වලින් පමණක් නොව විනය ගරුත්වය අතින් හා සදාචාරත්මක වශයෙන් ද රන් පදක්කම් දිනා ගත් බවයි.
චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම පැරිස් ඔලිම්පික් උළෙලෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය, චීන ක්‍රීඩා ක්ෂේත්රයේ සීග්‍ර දියුණුවේ පිළිබිඹුවක් පමණක් නොව චීන මාදිලියේ නවීකරණ ක්රියාදාමයේ ප්රගතිශීලි පිළිබිඹුවක් බව හෙතෙම පෙන්වා දෙයි. ඉදිරියේදී සිය දස්කම් තව තවත් මුවහත් කරමින් රට හා ජනතාව වෙනුවෙන් තවත් කැපවීම් කරන ලෙස චීන ජනාධිපතිවරයා සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
එම හමුවේදී ෂී ජින් පිං මහතා ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද එක් වූහ.