කාලීන ප්‍රතිසංස්කරණ සමග චීනය ඉදිරිපත් කළ නව සංවර්ධන රටාව
2024-08-20 10:25:38
Share with:

චීනය වේගවත්ව ඵලදායී සංවර්ධනයන් හිමි කර ගත් රටකි. ලොව දෙවන ආර්ථිකය ලෙස වර්තමානයේ ගෝලීය වෙළඳපලට දැවැන්ත ශක්තියක් ද ලබා දෙයි. මෙම සාර්ථකත්වය පිටුපස චීනය කාලීන වශයෙන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එකී ප්‍රතිසංස්කරණ දේශපාලනික, ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික යන සියලු අංශයන් නියෝජනය වන පරිදි  හඳුන්වා දී ඇත. එහි අන්තර්ගත ප්‍රධාන අංශ දෙස අවධානය යොමු කළ විට චීනයටම ආවේණික ක්‍රමයක් ඔස්සේ චීනය එය ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥන්ගේ සංගමයේ සභාපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරති.

එමෙන්ම අඛණ්ඩව යටිතල පහසුකම් සංවර්ධනය, පිරිසිඳු දේශපාලන ව්‍යුහය, ශක්තිමත් නායකත්වය, සමාජ ස්ථාවරත්වය සහ සංස්කෘතික අනන්‍යතාව ආදිය පවත්වා ගැනීමට ද චීනය සමත්ව ඇත. ලෝකයේ සිදු වන වෙනස්වීම් සැලකිල්ලට ගෙන ඊට අනුගත වන පරිදි රටක ප්‍රතිපත්ති කාලීන වශයෙන් සකස් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයට සීමා නොවී වෙනස් වන ලෝකයත් සමග සුදුසු අයුරින් සංවර්ධනය ක්‍රියාදාමය දියත් කිරීම ද අභියෝගාත්මක ය. නමුත් චීනය සිය ප්‍රතිසංස්කරණ තුළින් ජනතා කේන්ද්‍රීය ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දී ඇති බව මහාචාර්ය ස්වාමින් වහන්සේ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා ගමන් ගන්නා රටවලට නවීකරණයේ දී සිය අනන්‍යතාව ද ආරක්ෂා කරමින් කටයුතු කළ හැකි ය. යම් යම් මතවාදවල එළඹ නොසිට ගෝලීය පරිවර්තනය සමග ඵලදායී වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ හැකි ය. එය ප්‍රායෝගිකව චීනය ලොවට පෙන්වා දී ඇති හෙයින් එම නව සංවර්ධන රටාව ලෝකයේ ඉදිරි ගමන වෙනුවෙන් තීරණාත්මක වනු ඇති බව ද මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම