තම අසමත්කම් සහ බාහිර බලපෑම් හේතුවෙන් චීනයට බාධා කරන පිලිපීනයේ යථාර්ථය
2024-08-20 10:28:26
Share with:

පිලිපීන වෙරළාක්ෂක බලකායට අයත් යාත්‍රා දෙකක් ඊයේ (19) අලුයම චීන රජයේ අවසරයකින් තොරව, චීනයට අයත් Nansha දූපත් සමූහයේ Xianbin ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධීව ප්‍රවේශ වී තිබේ. එහිදී චීන වෙරළාක්ෂක බලකායේ යාත්‍රා මගින් සිදුකෙරුණු නතර කිරීම් හා අනතුරු ඇඟවීම් නොතකා එම නැව් අනතුරුදායක ලෙස චීන යාත්‍රාවල ගැටුණු බව ද වාර්තා විය. චීන වෙරළාරක්ෂක බලකාය එම අවස්ථාවේ දේශීය හා ජාත්‍යන්තර නීතිවලට අනුව, අදාළ පිලිපීන යාත්‍රාවන්ට එරෙහිව ගත් පරිපාලනමය ක්‍රියාමාර්ග වෘත්තීයභාවයෙන් යුතු මෙන්ම නීත්‍යනුකූල ද වේ.

පිලිපීන වෙරළාක්ෂක බලකායට අයත් විශාල පරිමාණ නෞකා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට Xianbin ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව රඳවනු ලැබ ඇත. මෙවර එහි පැමිණි යාත්‍රාවන්හි අරමුණ වන්නේ නවතා ඇති නෞකාවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමයි. දකුණු චීන මුහුදේ චීනයට එරෙහිව පිලිපීනය ක්‍රියාත්මක කරන ප්‍රකෝපකරණ නව මෙහෙයුම ලෙස මෙය හඳුනාගත හැකිය.

එසේම, මෙම සියලු ක්‍රියාමාර්ග පිලිපීනයේ දේශපාලන වුවමනාවන් හා  බැඳී පවතී. මෙය Ferdinand Marcos ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන පිලිපීන ආණ්ඩුව දුර්වල පාලනයක නිරතව සිටින අවස්ථාවකි. රටේ ජනතාවට රජය කෙරෙහි ඇති විශ්වසනීයත්වය ගිලිහී යාමේ අවදානමට මුහුණ පා සිටින ඔවුන් දකුණු චීන මුහුදු කලාපයේ නීති උල්ලංඝනය කරමින්, නොසන්සුන්තා ඇවිලීමට ප්‍රයත්න දරමින් සිටිති. සිය අසමත්කම් හා අභ්‍යන්තර ගැටළු වෙනතකට යොමු කරමින් රටේ දේශපාලන පීඩාව ලිහිල් කිරීම පිලිපීන දේශපාලනඥයන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව වී තිබේ.

ජාත්‍යන්තර සාධක විමසා බැලීමේ දී, විශාල බාහිර රටක උසිගැන්වීම් අනුව, යුදමය ක්‍රියාවන් මගින් ඔවුන්ට පක්ෂපාතිත්වය පෙන්නුම් කිරීම සඳහා පිලිපීනය පියවර ගනිමින් සිටින බව ද පෙනේ. ඒ අනුව, චීනයට බාධා කිරීමේ උපකරණයක් බවට පත්වීමට පිලිපීනය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටී.මේ සම්බන්ධයෙන්, පිලිපීන විචාරකයන් පවසන්නේ විශාල රටවල් අතර ගැටුම්වල ඉත්තෙකු බවට පිලිපීනය පත්ව ඇති බවයි.

දකුණු චීන මුහුදු ප්‍රශ්නය විසඳා ගැනීමේදී චීනය සෑමවිටම සාමයේ මූලධර්මය අනුගමනය කරයි. අදාළ ගැටළුව හා සම්බන්ධ රට සමඟ සෘජු සංවාද සහ සම්බන්ධීකරණය මගින් මතභේද නිසි ආකාරයෙන් පාලනය කිරීම චීනයේ ක්‍රමවේදය වේ. එසේම, චීනය තම ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව මෙන්ම සාගර ආයිතිවාසිකම්  ආරක්ෂා කිරීම සඳහා අධිෂ්ඨානශීලීව  කැපවනු ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම