2024 වසරේ චීන- අප්‍රිකා සහ‍යෝගිතා සංසදයේ නායක සමුළුව එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේ
2024-08-20 17:16:34
Share with:

2024 වසරේ චීන- අප්‍රිකා සහ‍යෝගිතා සංසදයේ නායක සමුළුව එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේ පැවැත්වෙන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. එම සමුළුව එළඹෙන සැප්තැම්බර් 4වැනි දා සිට 6වැනි ද දක්වා බෙයිජිං හිදී පැවැත්වීමට නියමිත ය. අද (20) පැවති චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් චීන වාණිජ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇත.

මෑත වසරවල චීනය හා අප්‍රිකා රටවල් අතර පවතින සහයෝගිතාව තවදුරටත් පුළුල් වී තිබේ. චීනය වසර 15ක් පුරා අප්‍රිකාවේ පළමු වෙළඳ හවුල්කරුවා වී ඇත. චීනයේ ආධාර යටතේ අප්‍රිකා රටවල යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර යහපත් ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර අප්‍රිකාවේ කෘෂිකර්මය නගාසිටුවීම වෙනුවෙන් චීනය සිය කෘෂිකර්ම විශේෂඥයන් 500කට වැඩි පිරිසක් අප්‍රිකාවට යවා තිබේ. මෙවර චීන- අප්‍රිකා සහ‍යෝගිතා සංසදයේ නායක සමුළුව පැවැත්වීම මගින් චීන-අප්‍රිකා මිත්‍ර සහහෝගිතා වඩාත් තහවුරු වනු  ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය කියා සිටී.

ගුවන් විදුලිය
20241109වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම