දකුණු චීන මුහුදට සම්බන්ධ පාර්ශ්වකරුවෙකු නොවන ඇමරිකාවට චීනට හා පිලිපීනය අතර සාගරික කරුණු සම්බන්ධයෙන් මැදිහත් වීමේ අයිතියික් නැතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.එහි ප්‍රකාශිකා මාඕ නින් මහත්මිය පැවසුවේ මේ බව පැවසුයේ අද ( 2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.පිලිපීනයේ නෞකා දෙකක් අනවසරයෙන් චීන මුහුදු සීමාවට පැමිණි අවස්ථාවේදී චීනය ගත් පියවර විවේචනයට ලක් කරමින් ඇමරිකාව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඇමරිකාවට එවැනි අයිතියක් නොමැති බවයි. චීනයේ හිමිකම් ප්‍රථමයෙන් උල්ලංඝනය කළේ පිලිපීනය විසින් බවද ඇය පැවසුවාය. චීනය එහිදී සිය භෞමික ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීත්‍යනුකූල පියවර අනුගමන කළ බවද ඇය කීවාය.ඇමරිකාව ,ඇමරිකා -පිලිපීන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම දකුණු චීන මුහුදේ චීන ස්වෛරීත්වය හා හිමිකම් වලට එරෙහිව යොදා නොගත යුතුය. ඇමරිකාව කලාපයේ ගැටුම් ඇති කිරීමෙන් වැළකී සිටිය යුතු බවද ඇය අවධාරණය කළාය.