ආයුධ වෙළඳ ගිවිසුමට දැඩි සහාය නිරතුරුව ලබා දෙන බව චීනය පවසයි
2024-08-20 10:50:05
Share with:

චීන නිරායුධකරණ තානාපති ෂෙන් ජියන් මහතා ඊයේ (19) ජිනීවාහි පැවති ආයුධ වෙළඳ ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ 10 වැනි සමුළුවට සහභාගී වෙමින් පැවසුවේ චීනය නිරතුරුව ආයුධ වෙළඳ ගිවිසුමට දැඩිව සහාය ලබා දෙන බවයි.

ගෝලීය ආයුධ වෙළඳ පාලනයට චීනය ක්‍රියාකාරීව එක් වන බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය. අවි වෙළෙඳාම සම්බන්ධයෙන් සියුම් අවධානය යොමු කරන චීනය නිසි වගකීමෙන් යුතුව, ආයුධ අපනයනය පිළිබඳ උසස් මට්ටමේ ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කර ඇති බව ඔහු කීය.

ඉදිරි දස වසර තුළ ආයුධ වෙළඳ ගිවිසුමේ සංවර්ධනය සඳහා චීනයේ යෝජනා තුනක් ෂෙන් ජියන් මහතා එහිදී ඉදිරිපත් කර ඇත. බහුපාර්ශ්විකත්වය අනුමගනය කරමින් පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, ගිවිසුමේ අරමුණ ප්‍රගුණ කරමින් තම වගකීම් ඉටු කිරීම මෙන්ම හුවමාරු සහ සහයෝගීතා පුළුල් කරමින් ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම ඊ‍ට ඇතුළත්ය.

ආයුධ වෙළඳ ගිවිසුම යනු එම ක්ෂේත්‍රය අදාළ ව එක්සත් ජාතීන්ගේ රාමුව තුළ ඇති එකම ජාත්‍යන්තර නීති පද්ධතිය යි. එය ක්‍රියාත්මක කිරීම 2014 වසරේ දෙසැම්බර් මස ආරම්භ කෙරිණ. මෙම වසරේ ගිවිසුම බලාත්මක වීමේ දස වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. මේ වන විට, පාර්ශ්වකරුවන් 115 ක් සහ අත්සන් තැබූ රටවල් 27 ක් ගිවිසුමට එක්ව සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම