මානව හුවමාරු සහයෝගිතාවයේ උසස් සංවර්ධනය සහතික කරන බවට චීනය සහ රුසියාව ප්‍රතිඥා දෙයි.
මේ බව ප්‍රකාශ කෙරුණේ, මොස්කව් නුවර ඊයේ (19) පැවති මානව හුවමාරු සහයෝගිතා පිළිබඳ චීන-රුසියානු කමිටුවේ 25 වැනි සැසිවාරයේ දීය. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික Shen Yiqin සහ රුසියානු නියෝජ්‍ය අගමැතිනි Tatyana Golikova යන මහත්මීහු එහි සමසභාපතිත්වය දැරූහ.
මානව හුවමාරු සහයෝගිතා පිළිබඳ චීන-රුසියානු කමිටුවේ චීන සභාපතිවරිය ද වන Shen Yiqin මහත්මිය එහිදී පැවසුවේ, මානව හුවමාරු දෙරට සබඳතාවන්හි වැදගත් අංගයක් වන බවයි. එසේම දෙරට නායකයන්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීනය සහ රුසියාව එම ක්ෂේත්‍රයේ වඩාත් පුළුල් සැලසුම් සහ ශක්තිමත් සන්නිවේදන යාන්ත්‍රණ සහතික කර ඇති බවත්, එවැනි ප්‍රයත්න ඔස්සේ නව ජයග්‍රහණ ද හිමිව ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
එසේම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිවාරය දෙරට මානව හුවමාරු සහයෝගිතාවන්ට නව ජවයක් තිළිණ කර ඇත. ඒ අනුව, චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නව ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගෙන, සංස්කෘතික සහ මානව සහයෝගිතාවන්හි උසස් තත්ත්වයේ සංවර්ධනය පිළිබඳ නව පරිච්ඡේදයක් ලිවිය යුතු බව ද Shen Yiqin මහත්මිය පෙන්වා දුන්නාය.
දෙරට මානව හුවමාරු සහයෝගිතාවයේ සාර්ථක ප්‍රතිඵල අගය කළ රුසියානු සභාපතිනි Tatyana Golikova මහත්මිය එහිදී පැවසුවේ, චීනය සමග එක්ව අදාළ ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතියෙන් යුතු සංවර්ධනය තහවුරු කිරීමට රුසියාව සූදානමින් සිටින බවයි.