මෝසම් වර්ෂාවෙන් පාකිස්තානයේ 215ක් ජීවිතක්ෂයට
2024-08-20 10:08:19
Share with:

දැඩි මෝසම් වර්ෂාව නිසා පාකිස්තානයේ මේ දක්වා ඇති වූ ගංවතුර සහ අනතුරු හේතුවෙන් අවම වශයෙන් 215ක පිරිසක් මිය ගොස් ඇතැයි එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ඊයේ(19) පැවසීය.

19 වැනිදා වන විට පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ. ජූලි මස ආරම්භයේ සිට මේ දක්වා තුවාල ලැබූ සංඛ්‍යාව 405 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පිරිස අතර ළමුන් 108 ක් සහ කාන්තාවන් 32 ක් සිටින බව ද එම වාර්තාව පවසයි.

රජය විසින් වෛද්‍ය සේවා සහ කඳවුරු 86ක් පිහිටුවා ඇති අතර එහි දී ප්‍රතිකාර සහ සහන  ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 4102 ක් බව එහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා

播放地址不存在

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම