රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපතිවරයා පවසයි
2024-08-20 19:30:23
Share with:
නිසි ආර්ථික පරිවර්තනයකින් තොරව රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ජනතාව තම අනාගතය ගැන සිතා මෙවර ජනාධිපතිවරණයේ දී තින්දුවක් ගත යුතුව ඇති බවය.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ "AskRanil" වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
තමා රට භාරගත්තේ, කිසිවෙකු හෝ භාර ගැනීමට නොසිටි අවස්ථාවක බවද වික්‍රමසිංහ මහතා කීය. රටේ නව ආර්ථිකයක් ඇති කළ යුතුය. විශේෂයෙන් ම අපනයන ආර්ථිකයක් ලෙසට ආර්ථිකය පරිවර්තනය කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.