චීන ජනපති හා ෆීජි අගමැති අතර හමුවක්
2024-08-20 16:16:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ෆීජි ජනරජයේ අග්‍රාමාත්‍ය Sitiveni Rabuka මහතා හමුවෙයි. බෙයිජිං අගනුවර දී අද (20) එම හමුව සිදුවිය.

ෆීජි පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම පැරිස් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනා ගැනීම පිළිබදව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී සුභපැතුම් පිරිනැමීය. ෆීජි ජනරජය, නව චීනය සමග මුලින් ම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගූ ශාන්තිකර සාගරයේ දූපත් රට බවට බව ෂී ජින් පිං මහතා පැවසීය. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය ලබන වසරට යෙදෙනු ඇත. ගෙවී ගිය වසර 50 පමණ තුළ ‍චීනය හා ෆීජි රාජ්‍යය මුල සිට ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට සහය ලබා දී තිබේ. දෙරටේ සබඳතාව ඉහළින් අගය කරමින් ෆීජි ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් හැකි තරම් අනුබල දීම හා දෙරටේ ජනතාවගේ සුභසෙත සැලසීම වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං කියා සිටියේය.

චීන මාදිලියේ නවීකරණය ඔස්සේ ප්‍රබල රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනය චීනය ප්‍රවර්ධනය කරමින් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන මාදිලියේ නවීකරණය, සාමය හා සංවර්ධනය සහිත මාර්ගය ගමන් කිරීමය. දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර දැක්වීම‍ වෙනුවන් ෆීජි ඇතුළු ශාන්තිකර සාගරයේ දූපත් රටවලට සහය ලබාදීම හා සංවර්ධන සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම පැරිස් ඔලිම්පික් උළෙලේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම සම්බන්ධයෙන් ෆීජි ජනරජයේ අග්‍රාමාත්‍ය Sitiveni Rabuka මහතා එහිදී සුභපැතුම් පිරිනැමීය. මෙවර සංචාරය තුළ Yunan, Fujian හා Zhejiang ඇතුළු ප්‍රදේශ නැරඹීමේදී ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් දරිද්‍රතාව පිටුදැකීම හා සංවර්ධනය අතින් චීනය ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය තමා සියැසින් දුටු බව Sitiveni Rabuka මහතා කීය. චීනයේ දියුණු සංකල්පය හා අත්දැකීම් අධ්‍යයනය කරමින් චීනය සමග දරිද්‍රතාව පිටුදැකීම, යටිතල පහසුකම්, අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට හැකිවෙතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය. සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම චීනය අනුගමනය කිරීම  සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ හෙතෙම ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් මාලාවට අනුබල දෙයි. චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ප්‍රවර්ධනය කරමින් ශාන්තිකර සාගරයේ දූපත් රටවල් හා චීනය අතර සබඳතා වර්ධනය කිරීමට ෆීජි රාජ්‍යය කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. ෆීජි රාජ්‍යය අඛණ්ඩව එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

දෙපාර්ශ්වය චීන මහජන සමූහාණ්ඩුව හා ෆීජි ජනරජය අතර ඒකාබද්ධ නිවේදනය ද පළ කළේය.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම