දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ ව පවත්වන ‘Ulchi නිදහස් පලිහ’ යුද අභ්‍යාසය උතුරු කොරියාව දැඩිව හෙළාදකී
2024-08-20 15:07:47
Share with:

දකුණු කොරිහාව සහ ඇමරිකාව ඒකාබද්ධ ව පවත්වන ‘Ulchi නිදහස් පලිහ’ යුද අභ්‍යාසය උතුරු කොරියාව තරයේ හෙළාදකී.

ඊයේ(19) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුණු එම යුද අභ්‍යාසය ලබන 29 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත ව තිබේ. එමගින් උතුරු කොරියාවේ ආයුධවලට පහර දීමේ ශක්‍යතාවන් ඉහළ නංවන බවත් දකුණු කොරියාව හා ඇමරිකාව අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක ශක්‍යතාවන් මෙන් ම සෝදිසි තත්ත්වය තවදුරටත් තහවුරු කරන බවත් දකුණු කොරියාව පවසා ඇත.

මෙම යුද අභ්‍යාසය උතුරු කොරියාවට එල්ල කරන ආක්‍රමණිත අත්හදා බැලීමක් මෙන් ම ‘න්‍යෂ්ටික යුද්ධය’ සඳහා වන පෙර පුහුණුවක් බවට උතුරු කොරියාව චෝදනා නගා ඇත. බලවත් ජාතිකාරක්ෂ ශක්‍යතාවන් ගොඩනැගීමෙන් රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සූදානම් බව උතුරු කොරියා විදේශ අමාත්‍යංශය පවසයි.

මේ අතර, දකුණු කොරියාවේ සිවිල් කණ්ඩායම් රැසක් ඊ‍යේ(19) පෙරවරුවේ Seoul නගරයේ ජනාධිපති කාර්යාලය ආශ්‍රිත ව උද්ඝෝෂණ පවත්වා එම ඒකාබද්ධ යුද අභ්‍යාසය වහාම නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම