චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා රුසියාව හා බෙලරුසියාවේ සංචාරය කිරීමට සූදානම් වෙයි.
හෙට (20) සිට ලබන 23 වැනි දා දක්වා අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ය.
එම චාරිකාව අතරතුර ලී ච්‍යං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා සමග එක්ව දෙරට අග්‍රාමාත්‍යවරුන්ගේ 29 වැනි නිත්‍ය සාකච්ඡාව පැවැත්වීමට බලාපොරොත්තු වෙයි. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික සම්බන්ධතා, සහයෝගිතා සහ පොදු සැලකිල්ල යොමුවන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගනු ඇතැයි ද මෞ නිං මහත්මිය කියා සිටී.
එමෙන් ම බෙලරුසියාවේ රැඳී සිටින කාලයේ දී චීන අගමැතිවරයා එරට අගමැති Roman Golovchenko මහතා හමු වී සාකච්ඡා පවත්වන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර ඇත.