තම නෞකාවල නීතිවිරෝධී ක්‍රියාවන්හි වගකීම පිලිපීනය භාරගත යුතු බව චීනය කියයි
2024-08-19 19:29:09
Share with:

පිලිපීන නෞකා අනතුරුදායක ආකාරයෙන් චීන නෞකාවන්හි ගැටීමේ වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව පැවසුවේ අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

පිලිපීන වෙරළාක්ෂක බලකායේ යාත්‍රා දෙකක් චීන රජයේ අවසරයකින් තොරව, චීනයට අයත් Nansha දූපත් සමූහයේ Xianbin ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට අද (19) නීතිවිරෝධීව ප්‍රවේශ විය. චීන වෙරළාක්ෂක බලකායේ යාත්‍රා මගින් සිදුකෙරුණු නතර කිරීම් හා අනතුරු ඇඟවීම් නොතකා එම නැව් අනතුරුදායක ලෙස චීන යාත්‍රාවල ගැටී ඇති බව Mao Ning මහත්මිය කියාසිටියාය.

Xianbin ගල්පරය චීනයට අයත් සාගර ප්‍රදේශයකි. පිලිපීනයේ මෙම ක්‍රියාව චීන ස්වාධිපත්‍යය දැඩි ලෙස උල්ලංඝනය කර ඇත. ඊට තරයේ විරෝධය පළ කරමින් තම රටේ ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අධිෂ්ඨානශීලීව පියවර ගන්නා බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම