‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ සිට ප්‍රකාශයට පත් කළ වැදගත් ලිපි’පිළිබඳ පළමු වැනි ග්‍රන්ථය ඊයේ (18) ප්‍රකාශයට පත් කළ අතර එය සමස්ත චීනය පුරාම බෙදා හැරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ග්‍රන්ථ පර්යේෂණ ඇකඩමිය විසින් එය සංස්කරණය කරනු ලැබිණ. එම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සංස්කරණ මුද්‍රණ ආයතනයේ ප්‍රකාශනයකි.
පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමේ සිට 2024 වසරේ මාර්තු මස පැවති 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ අවසානය දක්වා කාල සීමාවේ ප්‍රකාශයට පත් කරන ලද වැදගත් ලිපි 75ක් ඊට ඇතුළත් ය. ඒ තුළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් නිකුත් කරන ලද වැදගත් ලිපි 33කි.
අදාළ කාල සීමාව තුළ දැඩි හා සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය මෙන්ම රටේ ප්‍රතිසංස්කරණ, සංවර්ධනය, ස්ථාවරත්වය පිළිබඳ බරපතල වගකීම් හමුවේ ෂී ජින් පිං මහතා කේන්ද්‍රීය කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අංගසම්පූර්ණයෙන් සමාජවාදී නවීකරණ රටක් ගොඩනැගීම සඳහා ස්ථිර ව ඉදිරියට ගෙන යන ක්‍රියාවලිය එම ග්‍රන්ථය මගින් සැබවින්ම සනිටුහන් කර ඇත.