මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් 6 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම විවාදය ලබන සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වෙන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, සර්ව ජනබලය සංවිධානයේ අපේක්ෂක දිලිත් ජයවීර සහ ද්‍රවිඩ ජාතික අපේක්ෂක ආරියේන්ද්‍රන් යන මහත්වරුන් වෙත මෙම ඇරයුම ඉදිරිපත් කර තිබේ.
මෙරට ප්‍රධාන විද්‍යුත් නාලිකා 7 ක් සහ සමාජ මාධ්‍ය පිටු 200 ක් ඔස්සේ මෙම විවාදය සජීව ලෙස විකාශය කිරීමට සැලසුම් කර ඇති බව ද පැෆරල් සංවිධානය පවසයි.