චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති To Lam මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද(19) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
නිල සංචාරයක් සඳහා වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති To Lam මහතා චීනයට පැමිණ තිබේ.
වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙස තේරී පත්වීමෙන් පසු To Lam මහතා පළමු නිල සංචාරය චීනයේ සිදු කිරීමෙන්, පක්ෂ දෙක සහ දෙරට අතර සබඳතාවට දක්වන වැදගත්කම මනාව පිළිබිඹු වන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීනය සෑම විටම වියට්නාමය අසල්වැසි රාජ්‍ය තාන්ත්රිකත්වයේ ප්‍රමුඛතා රටක් ලෙසට සලකයි. එසේම කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට අනුගත වෙමින් වියට්නාමය ජාතික සැබෑ තත්ත්වයට අනුකූල වන සමාජවාදී මාවතක් ඔස්සේ ගමන් කිරීමට චීනය අනුබල දෙයි. ප්‍රතිසංස්කරණ, විවෘතභාවය සහ සමාජවාදී නවීකරණ ව්‍යායාම තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ද චීනය වියට්නාමයට සහාය දක්වන බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය.
ලෝක සමාජවාදී ව්‍යායාමයේ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා, චීනය සහ වියට්නාමය කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට සහ සමාජවාදී ක්‍රමයට අනුගත වෙමින්, උපායමාර්ගික වශයෙන් වැදගත් වන පොදු ඉරණමක් සහිත චීන-වියාට්නාම ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ගැඹුරු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මහලේකම් ෂී ජින් පිං මහතා සහ චීන පක්ෂයේ හා රජයේ නායකයන් සමඟ දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට තමා සහ වියට්නාම පක්ෂයේ හා රජයේ ජ්‍යෙෂ්ඨ නායක සමූහය සූදානමින් සිටින බව To Lam මහතා එම සාකච්ඡාවේදී සඳහන් කළේය.
චීන සංවර්ධනයේ සෑම පියවරක් පිළිබඳවම වියට්නාමය සැමවිටම අවධානය යොමු කර ඇත. එකම චීනය යන ප්‍රතිපත්තිය වියට්නාමය තරයේ අනුගමනය කරන අතර තායිවාන ප්‍රදේශය චීන ගූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් යැයි වියට්නාමය නැවත අවධාරණය කරන බව ද To Lam මහතා පැවසීය.