ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (19)
2024-08-19 17:02:57
Share with:

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (19) රාත්‍රියේ වීදි සංචාරය කරයි. සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තිරාජයා පාවඩ මතින් හා උඩුවියන් සහිතව මහ පෙරහරේ ගමන් කරනු ඇත. පසුදින අලුයම ගැටඹේ දී දිය කැපීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් පසු සධාතුක කරඬුව පසුදින දහවල් දක්වා අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබේ. සාධාතුක කරඬුව දළදා මාලිගාවේ වැඩසිටින කුටියෙන් පිටත ස්ථානයක තැන්පත් කෙරෙන එකම අවස්ථාව මෙය වන අතර, එහි දී රැය පහන්වන තෙක් විශේෂ පූජා චාරිත්‍ර  ඉටුකෙරෙනු ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම