රුසියාව තුළ ආරක්ෂක කලාපයක් පිහිටුවීම වත්මන් ප්‍රහාරයන්හී ප්‍රධාන අරමුණක් බව යුක්‍රේන ජනපති පවසයි
2024-08-19 10:15:11
Share with:

රුසියාව තුළ ආරක්ෂක කලාපයක් පිහිටුවීම රුසියාවේ Kursk ප්‍රදේශයට යුක්‍රේනය ප්‍රහාරය එල්ල කිරීමේ ප්‍රධාන අරමුණක් බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා පවසයි.

මේ වන විට යුක්‍රේන හමුදාවේ ආරක්ෂක මෙහෙයුමේ ප්‍රමුඛතාවය රුසියාවේ සටන් හැකියාවන් හැකිතාක් දුර්වල කිරීම සහ උපරිම ප්‍රති ප්‍රහාර කිරීම බව හෙතෙම ඊයේ (18) වීඩියෝ ආකාරයෙන් කතාවක් පළ කරමින් පැවසීය. Kursk හි සිදු කළ මෙහෙයුම ද ඉන් කොටසක් බව ද ඔහු කීය.

යුක්‍රේන හමුදාව පසුගිය 6 වැනිදා සිට රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර දියත් කළේය. අනතුරුව දෙපාර්ශවය අතර එහි දරුණු ගැටුම් ඇති වූ බව වාර්තා වෙයි. දේශසීමා ප්‍රදේශවල යුක්‍රේනය සිදුකරන ප්‍රකෝපකරනයන්ට එරෙහිව රුසියාව දැඩි ප්‍රතිචාර දක්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පසුගිය 12 වැනිදා රුසියාවේ දකුණු දේශසීමාවේ තත්ත්වය පිළිබඳ රැස්වීමකදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම